නිම්නාගේ ඉතිහාසය......

            ❤️ 

කියවන අතරෙම හිතුනා ඒ ගැන පුංචි දෙයක් හරි ලියන්න ඕනි කියලා...ඒකට පළවෙනි හේතුව මේ පොත මගෙ අතට ආපු විදිය... Hiniduma Sunil Senevi සර් තමයි මේ පොත අරං ඇවිත් පිටුවක් වත් පෙරලන්න පමා නොවී මගෙ අතට දුන්නේ., " ආ...මේ පොත මං ගත්තේ තමුන්ව මතක් වෙලා...." කියලා .. ඒ වචන ටික හිතට ඇති කරපු උණුහුමත් එක්ක පොත කියෙව්වෙ ගොඩක් ආසාවෙන්...එතකොට මේක ලියන්න හේතුවෙච්ච අනිත් කාරණාවම තමයි සර් මට මේ පොත ගෙනත් දෙන්න හේතුවත්....,මං මේ දවස්වල සිංහල නවකතාව පෙරළලා හොයන කෙනෙක් ඉන්නවා...
"රබීන්ද්රනාත් තාගෝර්ගෙ විශ්වීය පුරවැසියා"
අනාගතේ ලෝකයට අත්යවශ්යම ඒත් කවදාවත්ම බිහි නොවේවිය කියලා හිතන මේ විශ්වීය පුරවැසියා නිර්මාණය කිරීමේ නිහඬ ව්යාපාරය කරන්නෙ සාහිත්යය ඇතුලේ....ඒ කවියද , කෙටිකතාවද , නවකතාවද ,නාට්යද , සිනමාවද , සිතුවමද කියන එකේ වෙනසක් නෑ...
ලංකාව බ්රිතාන්ය විරෝධී "නිදහස් මහජන අරගලයකට" සුදානම් කරපු නිදහස් සටනේ පුරෝගාමීන් හදාගත්තු theme එක තමයි "සිංහල-බෞද්ධ" කියන්නෙ....ඇත්තටම ඒක මාර weapon එකක්....ජාත්යාලය , දේශප්රේමය වගේ ලස්සන නම් දීපු මේ weapon එක පාවිච්චි කරන කිසිම කෙනෙක් ඒකෙන් මැරුම් කන ජාති ද්රෝහීන් ගැන වැරදිලාවත් පසුතැවෙන් නෑ.... මේ අය ජාතිද්රෝහීන් වුනේ කිසිම වරදක් කරපු නිසා නෙවෙයි ...අර "සිංහල-බෞද්ධ" කියන theme එක නියෝජනය කරන්න අපොහොසත් වීම තමයි මරණ දණ්ඩනයට ලක්වීමට එකම හේතුව....අනාදිමත් කාලෙක ඉඳන් රජවරු තමන්ගෙ බලය පවත්වගෙන යන්න පාවිච්චි කරපු මේ theme එක උත්කර්ෂයට නැංවීමේ අනිටු ප්රතිඵලයට ලංකාව අවුරුදු ගාණක් ගොඳුරු වුනා....ඒත් තවමත් අර කියපු theme එක ලංකාවේ මිනිස්සුන්ගෙ ඔලු හෝද හෝද පාවිච්චි කරනවා....මේකට විරුද්ධව නැගිටින්න පුළුවන් වම විසින් පෙන්නලා දෙන "සමානාත්මතාවට" කියලා කාලයක් හිතං උන්නත් නිම්නගෙ කතාව ඇතුලේ අරවින්ද අන්තිමට දෙයක් තේරුම් ගන්නවා...
"....මං හිතන්නෙ සමානාත්මතාවට වඩා මිනිස්සු ආස නිදහසට නිමී..."(පි:665)
අවුරුදු 25කට කලින් සමාජවාදී නැගෙනහිර ජර්මානුවෝ වෙඩි කාගෙන ධනවාදී බටහිර ජර්මනියට පැනලා යන්න දක්වපු අසීමාන්තික උමතු ආශාව කුමක් වෙනුවෙන්ද කියලා ,ලංකාවේ සමානාත්මතාව ගොඩනගාගන්න ජීවිතේ කැපකරපු අමරට හුස්ම නවතින අන්තිම තප්පරේවත් තේරුම්ගන්න බැරි වුනත්, ඒ පාරේම ආපු ඊළඟ පරම්පරාව නියෝජනය කරපු අරවින්ද වටහාගන්නෙ ඇත්තටම "නිදහස" අත්විඳීම තුළ...ඒ අත්විඳීම සයිමන්ලා මිලී නෝනලාගේ තුළිනුත් දකින්න පුළුවන් ...
"අපි හොඳ බුද්දාගංකාරයෝ මහත්තයෝ. මං ඉතිං ඉස්පාසුවක් තියෙන හැම විඩේකම පන්සල් පල්ලි යන ගෑනි..මුසාවක් නං පන්සලේ හාංදුරුවන්ගෙනුයි ඔය පල්ලියේ පාදිලි උන්නාසේගෙනුයි අහලා බලතැහැකි...."
"එක මනුස්සයෙකුට තියෙන්නෙ එක ආගමයි බොල.."
කොහොමටත් එක ආගමක් කියන එක ඒ වෙනකොට ඉරක් එක හඳක් වාගේ පැහැදිලිව පේන්න තිබුනු දෙයක්...."(පි:96,97)
සයිමන්ලාගෙ ,මිලිනෝනලාගේ ලෝකය තුළ තිබූ නිදහසේ විචිත්රත්වය වර්තමානය වෙනකොට දියවෙලා යන්නෙ ඒ විදියට ....
ධනවාදයට හෝ සමාජවාදයට ගොඩනැගිය නොහැකි සොබාදහමේ රිද්මය ,තරඟය සහ හඹායාම උත්කර්ෂයට නොනංවපු පුද්ගල ඇතුලු මනස විශ්වීය නියමයක් කරා ගෙනයන කතිකාවක් තාගෝර් තමන්ගෙ නිර්මාණ වලින් ගේනවා..මගේ හිතෙ විශ්වීය පුරවැසියා එක විදියක ෆැන්ටසියක් වෙන්නෙ එහෙමයි...ඇකඩමික් සීමාවල් අස්සෙ මං "සිංහල නවකතාව" ඇතුලේ විතරක් කරක් ගහද්දී තමයි මට මේ නිම්නව මුණගැහෙන්නෙ....
කෞශල්යගේ නිම්නා , අරවින්ද සහ පණ්ඩුක චරිත ත්රිත්වය ඇතුලේ මං තාගෝර්ගේ බිමාලා* දකිනවා..."හින්දු නොවන අනෙකා" යන ජාතිකවාදී තේමාව මුල් කරගත් සාමූහික විඥානයක් තුළ ගාන්ධි රැස් කළ ලක්ෂ සංඛ්යාත ඉන්දියානුවන් "බිමාලා" චරිතයෙන් තාගෝර් නිරූපණය කරතිබූ අතර බිමාලා හරහා ඔහු මෙම ජාතිකවාදයේ සුන්දර වෙස්මුණූ ගලවා එහි ව්යවසනකාරී භයානක ස්වරූපය වෙසෙසින් දක්වා ඇත...තාගෝර්ගේ එම කාර්යභාරය කෞශල්යගේ ඉහත චරිත තුන තුළින් ඉටු කර ඇති බව මගෙ පිළිගැනීමයි.....යුද්දයක් කවදාවත් දිනන්න බෑ ඉවර කරන්න විතරයි පුළුවන් ඒ වගේම ලෝකයට විමුක්තිය ලැබිය හැක්කේ කොමියුනිට්ස්වාදය ඔස්සෙ විතරයි කියලා හිතලා දේශපාලනයේ යෙදෙන අරවින්ද...., පොලිටික්ස් කියන්නෙ හරිම බෝරින් ටොපික් එකක් කියලා මගාරින ඒත් යුද්දයට , සොල්දාදුවන්ට සුබ පතන තවත් වෙලාවක ජාතිය ආගම දිහැ උදාසීනව බලන නිම්නා...,සිංහල -බෞද්ධ කියන theme එක අපේ රටේ ප්රෞඩත්වය කියලා හිතන ඒ මතයට එරෙහි වෙන හැමඑකාම එන්ජීඕ ඩොලර්ස් වලට කහින් දේශද්රෝහි කාක්කෝ කියලා හිතන් තමන් නොදැනම ප්රබල දේශපාලන මතයක රූකඩයක් අතකොලුවක් වෙච්ච පණ්ඩුක ..., මොවුන් මේ නියෝජනය කරන්නෙ වර්තමානයේ ලංකාවේ සමාජය නොවේද.....පවතින ජාතිකවාදී දේශපාලන ප්රවාහයට හසුව ගසාගෙන යන පණ්ඩුකලා..., ඒ ප්රවාහයේම උඩුගං බලා පිහිනමින් විකල්ප දේශපාලන ක්රමයක් තුළින් "නිදහස" සොයනා අරවින්දලා..ඔය කොයිකටත් , කිසිදු හඬක් නැතිව මේ ප්රවාහය ඔස්සේ වල්මත්ව හැසිරෙන නිම්නලා මේ අප අවට සමාජයේම යථාර්ථවාදී නිරූපණයක් ලෙසින් කෞශල්ය අපූරුවට ගලපා ඇත..
ජාතිකවාදය මෙපමණට විචිත්ර සහ ආකර්ෂණීය වෙන්නෙ ඒකෙන් මිනිසුන්ට තමන් දැනටමත් ජීවත් වන විදිය නිවැරදිම විදිය කියලා හිතාගන්න අනුබල ලැබීම හින්දා .මේ හේතුව හින්දා ජාතිකවාදයෙන් , උණුසුම් දේශප්රේමයෙන් මිනිසුන්ව මුදවගන්න අමාරුයි..තමන් එයින් මිදීම වගේම තවත් කෙනෙක්ව මුදවගන්න යෑමෙන් වෙන්නෙ ඒ සමාජය ඇතුලේ තමන් හුදකලා වීම..
හුදකලා ලෙස මේ ජාතිකවාදය ප්රතික්ෂේප කරමින් තම සාහිත්යකරණය තුළින් තාගෝර් වර්ධනය කරන්නට තැත් කළ විඥානය අපි හඳුනගන්න ඕනි මෙතනදියි..ඔහු විශ්වීය පුරවැසියා කියලා හැඳින්වුයේ සියලු සමාජ සංස්කෘතීන් පිළිබඳ විචාරාත්මක අවබෝධයෙන් සෙසු මානව විශිෂ්ටතාවන් හඳුනා ගැනීමේ බුද්ධිමය හැකියාව සහිත පුද්ගලයාටයි...ඒ බුද්ධිමය අවබෝධය කෞශල්ය තුළ තිබෙන හින්දයි ඔහුගේ පරිකල්පනයක් විදියට නිම්නාගෙ ඉතිහාසය අපි අතට එන්නේ..
කෞශල්යගේ මේ සාහිත්යයම කාර්යභාරය මං ඉහලින්ම අගය කරන්න එක හේතුවක් තමයි, කිසියම් අදහසක් දැරීම සහ විශ්වාස කිරීම හින්දා ජීවිතෙන් වන්දි ගෙවපු මිනිස්සුන්ගෙ ලේ ගෑවිච්ච ජාතකවාදී බලපරාක්රමයක් ඇතුලේ , මේවගෙ මාතෘකාවක් තමන්ගෙ නිර්මාණයක් ඇතුලේ කතාකරපු එක..අනික් හේතුව තමයි ඒ කතාව මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියලා තිබීම...
"ඕගොල්ලො තමයි අරවින්ද ප්රභූ.ඕගොල්ලො කතා කරන දේවල් තේරෙන්නෙ කීයෙන් කීදෙනාටද.ඔයා ඔය ලියන දේවල් නිර්ධන පන්තියට කියවලා තේරුංගන්න පුළුවන් ද? අපි කියන දේවල් හැමෝටම තේරෙනවා.ඉස්සරත් තේරුනා.අපි දේශපාලනය කරන්නෙ පොදු ජනතාව එක්ක.එහෙම නැතුව දාර්ශනිකයො එක්ක නෙමේ.."(පි;638)
කලක් වාමාංශික දේශපාලනය තුළ ක්රියාකාරි සේවයක් ඉටුකළ , පසුව රාජ්යවිරෝධීන් ලෙස හංවඩු ගැසී ජීවිතය පවා අවධානමට ලක්වූ , දැන් පවතින පොදුජන ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන සේනක පවසන ඒ වදන් වලින්ම වැටහෙනවා ජාතිකවාදී දේශපාලනය ඔවුන් සමාජගත කරන ආකාරය..සාමාන්ය ජනතාව ආමන්ත්රණය කළයුතු භාෂාව "සිංහල-බෞද්ධ" රෙජීමය හොඳාකාරවම දැන සිටි බවට සාක්ෂි 2005 සිට ඕනෑවටත් වඩා දැකගත හැකිය..ලංකාවේ ජාතිකවාදයේ සුරාන්තය මිනිසුන් අත් වින්ඳේ 2009 මැයි 18 වන දා...ජනාධිපතිවරයා ගුවන් යානයෙන් බැස මහ පොළොව සිපගැනීම , පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම තෙවනුවත් මව්බිම කියා වේදිකා මත ඝර්ජනා කිරීම , ආයුබෝවේවා මහරජාණනි යන මැයෙන් රෝමෝද්ගමනය වන තරම් අභිමානයක් කැටිවු නිර්මාණයන් හරහා ඔවුන් ගොඩනගාගත් ලක්ෂ සංඛ්යාත ජන සමූහය විසින් තවමත් මහ පවුරක් ලෙස ලංකාවේ දේශපාලනය තුළ මේ රෙජීමය රැකගනු ලබයි..
"89 හිටපු යක්ෂයොන්ට සමනල්ලු වෙන්න පුළුවන් නං 2009 හිටපු යක්ෂයන්ට බැරි ඇයි? 89 හිටපු යක්ෂයෝ වටේ 2000න් පස්සෙ ප්රජාතන්ත්රවාදී කඳවුරට සංවිධානය වෙන්න පුළුවන් නං 2009 හිටපු යක්ෂයා වටේ අනාගත ප්රජාතන්ත්රවාදී කඳවුර සංවිධානය වෙන්න බැරි ඇයි..? "(පි:613,614)
මේ මහා ජාතිකවාදී ජන බලවේගයේ ආවේගය පණ්ඩුකගේ චරිතයෙන් හරි අපූරුවට දකින්න පුළුවන්.."අපි යක්කු බොලව්" "මහසොහොන් බලකාය" "බොදු බල සේනා" "ජාතියේ සතුරන් වනසමු" එකී මෙකී නොකී මුහුණු අතරේ " යක්ෂ සේනාපති" වන පණ්ඩුක ගරා යක් මුහුණින් සිංහ කොඩිය සහ බෞද්ධ කොඩිය දෙපස දරා සයිබර් අවකාශය තුළ ගෙනයන නිහීන අරගලය තුළින් තම ජීවිතයේ හිස් ඉඩ පුරවා ගනී...මගෙ මේ ලියමනට යටින් පවා "රටට වින කරන පරට්ටියෝ" වැනි බුහුමන් ඇතුලත් කමෙන්ට්ස් දමන්නට ඉඩ ඇති පණ්ඩුකලා අවසානයේ නවතින්නෙ මීළඟ ජාතිවාදී සංහාරය නිර්මාණය කරය..
"බයවෙන්න එපා පණ්ඩුක උඹල අපිට ඉස්සරහටත් ඩොලර් හොයන්න චාන්ස් එකක් හදලා දෙයි මුස්ලිම් මිනිස්සුන්ව අන්තවාදයට තල්ලු කරලා.."
"ඒක හින්දා තමයි යකෝ අපි කියන්නෙ හම්බයන්ට නටන්න දෙන්න එපා කියලා..මොකක්ද උඹට සිංහලයො එක්ක තියන මේ තරහ...උඹලට පේන්නෙ එක්කො කොටින්ට නැත්තං හම්බයන්ට වෙච්ච අසාධාරණේ..යකෝ සිංහල රටේ සිංහලයන්ට වෙන දේවල් උඹලට පේන් නැද්ද..හම්බයෝ අපේ ජාතිය වඳ කරලා මේක මුස්ලිම් රටක් වෙච්ච දවසට උඹලා කරයි මියුසිකල් ෂෝස්(පි :615)"
සිංහල බෞද්ධයා රැකීම සහ උත්කර්ෂයට නැගීම ඇතුලේ ඊට සමගාමීව සිංහල බෞද්ධ නොවන අනෙකා ප්රතික්ෂේප කිරීම යළි මහා ජන සංහාරයකට අතවැනීමක් බව කෞශල්ය කියන මේ කාරණය අවබෝධ කරගැනීම පාඨකයා සතු කාර්යයකි..මේ නවකතාව ඇතුලේ ඔහු පරම්පරා කීපයක් ඔස්සෙ කතාකරන ප්රධාන තේමාවන් දෙකෙන් එකක් විතරයි මං මේකෙදි කතාකලේ...දේශපාලනය සහ ලිංගිකත්වය..සමස්ථයක් විදියට හිතුවොත් මේ දෙකත් වෙනම කතාකරන්න බැරි තරමට මිනිසා කියන සත්වයා එක්ක එකට බැඳිච්ච කාරණා දෙකක්..අරවින්ද අන්තිමට අඳුනගත්තු අර "නිදහස" ඇතුලේ ලංකාවේ මිනිස්සුන්ට කාලෙකදි තිබිලා නැතිවුන "ලිංගික නිදහස" වගේම වර්ග බේදයකින් තොරව සමස්ත සමාජයම කෙරේ විචාර බුද්ධියකින් යුතුව ජීවත් විය හැකි "නිදහස් විශ්වීය පුරවැසියෙක්" නිර්මාණය වෙන්නෙ තාගෝර් පෙන්නලා දුන්නු සර්වභෞමික ලෝකයේ විතරයි...මේක ෆැන්ටසියක් තමයි , හරියට අර "බබෙල් කොත" වගේ...බෙදීම් වර්ගවාදය සහ ජාතිකවාදයෙන් තොරවු මනුෂ්ය විවිධත්වය තුල මිනිසුන් ගොඩනගාගත් ස්වර්ගයට යන කුලුණ....මං ඒකෙන් දකින්නෙ "විශ්වීය සමාජයක්"
*Ghare Baire(1916)" තාගෝර් රචනා කරපු විශිෂ්ටතම නවකතාවක්..ආනන්ද අමරසිරි අතින් එය සිංහල භාෂාවට පරිවර්තනය වෙනවා "බිමාලා" නමින්...ඉංග්රීසි පරිවර්තනය "The Home and the World(1919: සුරේන්ද්රනාත් තාගෝර්)"...1984 දී සත්යජිත් රායි විසින් මෙය සිනමාවට නගන ලදි...
-ඉෂුනි සුලෝචනා වීරසිංහ-
#Ishuni_Sulochana_Weerasinghe

උපුටා ගැනීම 
Nimnage-Ithihasaya ෆේස්බුක් පිටුවෙන්  

Comments

Popular posts from this blog

අද හඳුන්වාදෙන ගීතය 2020 ජූනි 04

අද ඉදිරිපත්කරන ගීතය

අද හඳුන්වාදෙන ගීතය 20 මැයි 26