Posts

Showing posts with the label සාහිත්‍ය දිනපොත යාවත්කාලීන කරමු. ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2020

සාහිත්‍ය දිනපොත යාවත්කාලීන කරමු. ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2020

Image
කොවිඩ් 19 විසින් ලෝකයේ සියලුම වාර්ෂික කැලැන්ඩර් අවලංගු කරන ලද බව අපි දනිමු. මාස ගණනාවකට පසු ලෝකය කෙමෙන් කෙමෙන් යථාවත්භාවයට පත් වෙමින් සිටියි. ලංකාවේ අප ද එම පීඩනයේ අත්දැකීම විඳිමින් සිටින අතර ම යළි මග වෙතට පිවිසීමේ පියවර ඔසවමින් සිටිමු. ලේඛකයන් ලෙස කලා අනන්‍යතාව පවත්වා ගන්නා අපට ලාංකික මහා කලා ධාරාවේ හිමිකර දී ඇති තත්ත්වය ද කොවිඩ් විසින් හොඳින් පෙන්වා දෙන ලදී. රාජ්‍ය හෝ පුද්ගලික අංශය විසින් කලාකරුවන් වෙනුවෙන් කළ අවධානයෙන් ලේඛකයන් හැලී තිබුණ බව ලංකා ලේඛක සංවිධානය නිකුත් කළ නිවේදනය සාක්ෂි දරයි.. වන්නා වේ.. මේ වනවිටත් සාහිත්‍යය රජයේ අවධානයෙන් ගිලිහී ගොස් ය. රාජ්‍යසාහිත්‍ය අනුමණ්ඩලයක් පවා මේ වනතෙක් පිහිටුවා නැත. කලා මණ්ඩලයක් පවතින්නේද යන්න දන්නා අයෙකු නැත. සංස්කෘතික දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව මෙවර රාජ්‍ය සම්මාන උත්සවය පැවැත්වීමත් කොට උඩ ය. මාස දෙකක් තිස්සේ සිය ආදායම් මාර්ග වැසී ගිය පසුබිමක ප්‍රකාශකයන් ද හාන්සි ය.  ගොඩගේ පොත් මැදුර , සරසවි ප්‍රකාශකයෝ, ගුණසේන වැනි විශාල සේවක ගහණයක් ඇති ආයතන මාර්තු/අප්‍රේල් වැටුප් ගෙවන ලද්දේ මහත් අසීරුවකින් බවද දනිමු. ලාංකික ලේඛක ප්‍රජාව ස...