පාසල් දරුවන් සිටින පවුල්වලින් 66%කට ඉන්ටර්නෙට් නෑ
ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක වෙයි ද?
පානදුර ප්‍රදේශයේ පදිංචි කමලා පාසල් යන දරුවන් තිදෙනෙකුගේ මවකි. සැමියා හැරගොස් ඇති හෙයින් ඇය එදිනෙදා නිවෙස්වල කෑම පිස උපයා ගන්නා මුදලකින් සිය දරුවන් පෝෂණය කරයි.
ඇය සතුව පරිගණයක් නොමැති අතර තමාට ඇති එක ම ජංගම දුරකතනය හරහා ලැබෙන පාඩම් දරුවන් තිදෙනාට ලැබෙන්නට සලස්වයි.
දරුවන්ට ලැබෙන පාඩම් නිසි කාලසීමාවකට අවසන් කිරීමට එක ජංගම දුරකතනයකින් අපහසු බව ඇය පවසන්නීය.
කොරෝනාවෛරසය හේතුවෙන් අඩපණ වූ පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට පියවර ගනිමින් තිබෙන අතර මේ හේතුවෙන් බොහෝ දෙමාපියන් ගැටලුවලට මුහුණ පා සිටිනුයේ, ඒ සඳහා අවශ්‍ය උපකරණ හිඟකම නිසාය. එසේ නැතහොත් පරිගණක සාක්ෂරතාව අවම මට්ටමක පවතින හෙයිනි.
මේ අතර, මාතලේ ප්‍රදේශයේ රජයේ පාසලක ගුරුවරියක වන උදානි බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, අවශ්‍ය උපකරණ හිඟය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර බවය.
"සමහර දෙමාපියන්ට ඒ උපකරණ තියෙනවා. ඒත් දුෂ්කර ජීවිත ගත කරන පවුල්වල දරුවන්ට මේ ක්‍රමයට එක්වෙන්න හරි ම අමාරුයි. ඒ නිසා එවැනි දරුවන්ට ගැටලු ඇති වී තිබෙනවා," උදානි බණ්ඩාර පැවසීය.
ඇතැම් පාසල්වල මේ වන විට ඔන්ලයින් හරහා සජීවී පාසල් ක්‍රියාත්මක වන අතර දරුවන් දෙදෙනෙකුට වඩා සිටින පවුල්වලට මෙය අතිශය ගැටලුසහගත තත්ත්වයක් බවට පත්ව තිබේ.
"අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. ගෙදර තියෙන්නේ හස්බන්ඩ්ට ඔෆිස් වැඩ කරන්න ලැබුණු කම්පියුටර් එක විතරයි. එක්කෙනෙකුට ඒක දුන්න ම දෙන්නෙකුට ස්මාර්ට් ෆෝන් දෙකක් ඕන වෙනවා. අනික් පැත්තෙන් හස්බන්ඩ්ගෙ කම්පියුටර් එකේ ඔෆිස් වැඩ කරන්න තියෙනවා. ඒ නිසා හරි ම අමාරුවෙන් මේක කරගෙන යන්න වෙලා තියෙන්නේ," තිදරු මවක වන කළුතර පදිංචි සකුන්තලා පැවසීය.
"මේක ඇත්තට ම ළමයින්ට ලොකු අසාධාරණයක්"
ඔන්ලයින් ක්‍රමය මූලික කරගෙන අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම පාසල් දරුවන්ට "ලොකු අසාධාරණයක්" බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ඊට අවශ්‍ය උපකරණ හිඟකම නිසා බොහෝ දරුවන්ට අධ්‍යාපන කටයුතුවලට සහභාගි වීම මග හැරෙන බවය.
"දුරකතන තිබ්බට වැඩක් නෑ ස්මාර්ට් ෆෝන් එකක් නෙවේ නම්. ඊළගට සිග්නල් තිබ්බට වැඩක් නෑ 3ජී නැත්නම්. ඒ ඔක්කොම තිබ්බත් වැඩක් නෑ ඩේටාවලට සල්ලි නැත්නම්. මේක තමයි ඇත්ත ප්‍රශ්නෙ. මේක තමයි එක ම ක්‍රමය බවට දැන් පත් කරල තියෙන්නෙ. ඒක ඇත්තට ම ළමයින්ට ලොකු අසාධාරණයක්. මේ ක්‍රමය තුළින් ළමයින් තුළ ඇති වෙනවා වැරදි ආකල්පයක්. ළමයින් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් එක ගෙදර ඉන්නවා නම් ගෙදර එක ෆෝන් එකක් තියෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මේකට බර තැබීමට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒත් තමන්ගේ උනන්දුවෙන් ඔන්ලයින් මාර්ගයෙන් යමක් උගන්වන්න උත්සහ කරන ගුරුවරුන්ගේ කැපකිරීම අපි අගය කළ යුතුයි," ජෝසෆ් ස්ටාලින් සදහන් කළේය.
ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ, 34%කට පමණි.
එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසයි.
එහි අදහස වයස අවුරුදු 18ට අඩු පවුල්වලින් 66%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් නොමැති බවය.
එවැනි තත්ත්වයක් තුළ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හරහා ඇතැම් පිරිසකට අසාධාරණයක් සිදුවන බවට විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ ද පළ වී තිබේ.
උපකුලපතිනිය හෙළිකරන ඇත්ත!
කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන දහස් ගණනක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොරෝනා වසංගතයත් සමග මහත් පීඩාවකට පත්ව සිටින බව උපකුලපතිනි ජ්‍යෝෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා විජයරත්න පවසයි.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් සහාය දැක්වීමට කැමති ප්‍රජාවට ඇරයුම් කරමින් ඇය නිකුත් කළ ලිපියකින් ඇය මේ බව අනාවරණය කර ඇත.
උපකුලපතිනිය පවසන්නේ මේ වනවිට ‘ඔන්ලයින්’ අධ්‍යාපන ක්‍රම මගින් විද්‍යාර්ථීන්ට අධ්‍යයන කටයුතු සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයෙන් පහසුකම් සපයන නමුත් ඒයින් සැලකිය යුතු ශිෂ්‍ය ප්‍රජාවකට ඒම පඑහසුකම් නොමැතිකම හේතුවෙන් අධ්‍යයන අවස්ථා අහිමිවී ඇති බවය.
අන්තර්ජාල පහසුකම් නොමැතිකම නිසා ශිෂ්‍ය ප්‍රජාවෙන් 15%කට අධ්‍යයන අවස්ථා අහිමිව ගොස් ඇති බවත් පෞද්ගලික පරිහරණයට පරිගණකයක්වත් නොමැති ශිෂ්‍ය ප්‍රතිශතය 18% පමණ ඉහළ අගයක් බවත් ඇය අනාවරණය කර ඇත.
මේ අතර නේවාසිකාගාර පහසුකම් විශ් විද්‍යාලයෙන් නොලැබීම හේතුවෙන් දුර බැහැර දරුවන් පෞද්ගලික නිවස්නවලට කුලී ගෙවාගෙන අධ්‍යයන කාර්යයේ නිරතවන නිසා එවසංගත කාලයේ ඔවුන් නොසිටින පසුබිමකදීද ඒම නවාතැන් හිමිකරුවන් කුලී මුදල් ඉල්ලා සිටීම නිසා ඔවුන් මහත් ගැටලුවකට මුහුණදී සිටින බව අනාවරණය වේ. මෙසේ පෞද්ගලික වියදමින් නේවාසික පහසුකම් සපයාගෙන සිටින සංඛ්‍යාව දහසකට ආසන්න බව උපකුලපතිනිය පවසයි. තවද විශේෂ අවශ්‍යතා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් 80ක් පමණ තම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු කරන බවද ඔවුන්ට ඇති අවම පහසුකකම් නිසා ගැටලුවලට මුහුණ පාමින් සිටින බවද ජ්‍යෝෂ්ඨ මහාචාර්ය විජයරත්න පවසයි.
ඒසේම සරසවි අධ්‍යයන කටයුතු සඳහා යන වියදම් පියවා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ දරුවන් අමතර ආදායම් මාර්ග සපයාගෙන කටයුතු කරන බවද ඔවුන් අතරින් රාත්‍රියට හෝ දහවල් කාලයේ ‘මෝටර් බයිසිකල්වලින් ආහාර සැපයුම්’ සේවා ඉටුකරන සහ පෞද්ගලික පන්ති පවත්වා මුදල් උඵයන පිරිසක් සිටින බව උපකුලපතිනිය පෙන්වා දෙයි. පසුගිය කාලයේ වසංගත තත්වය තුල ඒම කාර්යයන් සියල්ල නැවතීමෙන් ඔවුන් නවාතැනවලට ගෙවාගන්නට හෝ දුරකථන වියදම් පියවා ගන්නට නොහැකි තත්වයක සිටින බැවින් ඔන්ලයින් අධ්‍යයන සේවාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකි තරම් ගැටුලුවලට මුහුණ දී සිටින බව පැහැදිලිය.
බහුතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොවි පසුබිමකින් පැමිණෙන බවද ඔවුන් අතර වාර්ෂික ආදායම් ලෙස රු.ලක්ෂ 5ක්වත් නැති පවුල් සිටින බවද ජ්‍යෝෂ්ඨ මහාචාර්යවරිය පෙන්වා දෙයි.
මෙම තත්වය තුළ ආචාර්ය පිරිස විසින් දායක වී පීඩාවට පත් දරු දැරියන්ට රු. 5000ක පමණ ප්‍රදානයක් කරන්නට අප්‍රේල් මාසයේ කටයුතු කළද ඒය දීර්ඝකාලීන විසඳුමක් නොවන බව විශ්ව විද්‍යාලයීය ආචාර්ය ප්‍රජාවගේ අදහස වී තිබේ.

"ළමුන්ට වඩා විධිමත් අධ්‍යාපනයක් අවශ්‍යයි"
'ළමා හිංසනයට තිත' ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ 'ජනතා හඬ' ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, ඔන්ලයින් ක්‍රමය හරහා යම් ඉදිරිගාමී පෙළඹවීමක් ගුරුවරුන් සහ දරුවන් තුළ ඇතිවන බවය.
"මේ තත්ත්වය නිසා යම් පිරිසකට අසාධාරණයක් වෙනවා. ඒත් මේක හොඳ සන්ධිස්ථානයක්. ළමයින්ට අද ලෝකයට ගැළපෙන අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. යුරෝපා රටවල ළමයින්ට පාසල් හරහා ඉතා අඩු මිලට අනවශ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අත්හිට වූ පරිගණක ලබා දෙනවා. එහෙම ගන්න බැරි අයට පාසල් පුස්තකාලවලින් දෛනිකව පරිගණකයක් ලබා ගන්න පුළුවන්. මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න අවශ්‍යයි," වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසීය.
මේ අතර, විශ්වවිද්‍යාල ආශ්‍රිතව ද ඔන්ලයින් ක්‍රමය යටතේ දේශන ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාඛා සූරියබණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, මේ සතියේ සිට ඔන්ලයින් දේශන ආරම්භ කිරීමට නියමිත බවය.
කෙසේ වෙතත්, පවතින දුෂ්කරතා මත මෙම ක්‍රමය කෙතරම් දුරට සාර්ථක වේ දැයි කිව නොහැකි බව ඇය පැවසුවාය.
"පවතින තත්ත්වය මත සියලු සරසවි දින නියමයකින් තොරව වසා දමා ඇති නමුත් සිසුන්ට මුලික පහසුකම්වත් නොමැතිව online දේශන පැවැත්වීම මේ දින වල සිදුකරන අතර එයින් සිසුන් බහුතරයක් දැඩි පීඩාවකට පත්ව ඇති," බවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සිය ෆේස්බුක් පිටුවෙහි සටහන් තබා තිබිණි.
'අඩුපාඩු තියෙනවා - ඒත් හොඳ ආරම්භයක්'
ශ්‍රී ලංකාවේ දූරස්ථ අධ්‍යාපනය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ලර්න්ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදයේ සම සම්බන්ධීකාරක ආචාර්ය සුජාතා ගමගේ මේ පිළිබඳව දක්වන්නේ ශුභවාදී ආකල්පයකි.
ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, "අඩුපාඩු රැසක් ඇතත් මෙය ඉතා හොද ආරම්භයක්" ලෙස සැලකිය හැකි බවය.
"ඇත්තට ම ඉන්ටර්නෙට් පහසුකම් නොමැති වීමේ තත්ත්වය තුළ මේ ප්‍රශ්නය විශාල පිරිසකට බලපානවා. ඒත් මේක හොඳ උත්සහයක්. හැබැයි මේ ඔන්ලයින් ක්‍රමය පාවිච්චි කරන විදිහ නම් වෙනස් විය යුතුයි," ආචාර්ය සුජාතා ගමගේ පැවසීය.
"සෑම ළමයෙක් ළඟම පෙළපොත් තියෙනවා. අපේ ළමයි පෙළපොත් කියවීම ඉතා අඩුවෙන් කරන්නේ. ඔවුන්ට ඒ පෙළපොත් ගෙදරදි කියවගෙන තනියම ඉගෙන ගන්න පුළුවන්. ඒත් මේ ඔන්ලයින් ක්‍රමයෙදී වෙන්නේ ගුරුවරුන් පෙළපොතේ තියෙන දේවල් ආයෙත් ඔන්ලයින් හරහා එවන එක බොහෝ වෙලාවට. ඒ ක්‍රමය නතර කරලා පැවරුම් කිරීම ඔන්ලයින් හරහා සිදුවෙනවා නම් මීට වඩා කාර්යක්ෂම ලෙස ඩේටා පාවිච්චි කරන්න පුළුවන්."
"දැනට පවතින දුෂ්කරතා තව කාලයක් යද්දි අඩුවෙයි. ඒ වෙනකොට මේ ක්‍රමයෙන් මීට වඩා ඵල නෙළාගන්න හැකි වෙයි කියල මම හිතනවා," ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නාය.
මේ අතර, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ, දුෂ්කරතා සහිත දරුවන්ට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මුහුණ පෑමට සිදුව ඇති තත්ත්වයට විකල්පයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවය.
"ඒ ගැන අවධානය යොමු වෙලා තියෙනවා ආණ්ඩුවේ. ඒත් ඒකට නිසි යාන්ත්‍රණයක් හදන එක ලේසි දෙයක් නෙවේ. හැබැයි ඒ ගැන අවධානයක් යොමු වෙලා තිබීම වැදගත්," ඔහු පැවසීය.
( ලිපි දායකත්වය BBC සිංහල/ලංකා විව්ස් සහ Students' Union - j'pura )
Comments