Posts

Showing posts with the label පාසල් දරුවන් සිටින පවුල්වලින් 66%කට ඉන්ටර්නෙට් නෑ

පාසල් දරුවන් සිටින පවුල්වලින් 66%කට ඉන්ටර්නෙට් නෑ

Image
ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක වෙයි ද? පානදුර ප්‍රදේශයේ පදිංචි කමලා පාසල් යන දරුවන් තිදෙනෙකුගේ මවකි. සැමියා හැරගොස් ඇති හෙයින් ඇය එදිනෙදා නිවෙස්වල කෑම පිස උපයා ගන්නා මුදලකින් සිය දරුවන් පෝෂණය කරයි. ඇය සතුව පරිගණයක් නොමැති අතර තමාට ඇති එක ම ජංගම දුරකතනය හරහා ලැබෙන පාඩම් දරුවන් තිදෙනාට ලැබෙන්නට සලස්වයි. දරුවන්ට ලැබෙන පාඩම් නිසි කාලසීමාවකට අවසන් කිරීමට එක ජංගම දුරකතනයකින් අපහසු බව ඇය පවසන්නීය. කොරෝනාවෛරසය හේතුවෙන් අඩපණ වූ පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට පියවර ගනිමින් තිබෙන අතර මේ හේතුවෙන් බොහෝ දෙමාපියන් ගැටලුවලට මුහුණ පා සිටිනුයේ, ඒ සඳහා අවශ්‍ය උපකරණ හිඟකම නිසාය. එසේ නැතහොත් පරිගණක සාක්ෂරතාව අවම මට්ටමක පවතින හෙයිනි. මේ අතර, මාතලේ ප්‍රදේශයේ රජයේ පාසලක ගුරුවරියක වන උදානි බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසුවේ, අවශ්‍ය උපකරණ හිඟය හේතුවෙන් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර බවය. "සමහර දෙමාපියන්ට ඒ උපකරණ තියෙනවා. ඒත් දුෂ්කර ජීවිත ගත කරන පවුල්වල දරුවන්ට මේ ක්‍රමයට එක්වෙන්න හරි ම අමාරුයි. ඒ නිසා එවැනි දරුවන්ට ගැටල...