'දැකල පුරුදු කෙනෙක්' ගැන බූපති ගේ තිර රචනය සහ ඒ ගැන ලියවුනු විවිධ අදහස් දැක්වීම් එකතුවක් පොතක් ලෙස එළි දක්වන්න තිබුනේ මාර්තු 18. අනෙක් හැම දෙයක් වගේම මේකත් දින නියමයක් නැතිව කල් ගිහින්. මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක බලද්දී පොත් එළි දැක්වීමේ උත්සව කියන්නේ එච්චර දෙයක් නෙමෙයි කියන එක ඇත්ත. ඒ වුනත් පොතක් මුද්‍රණය කර එළි දැක්වීමේ ආශාව මම හොඳට දන්නවා. මම පොත් කියවන්න සහ ලියන්න විතරක් නෙමෙයි පොත් වල පිටු සැලසුම්කරණය, කවර නිර්මාණය, මුද්‍රණය, පොත ගන්න අය එක්ක කතා බහ කිරීම, පොත් බෙදා හැරීම - මේ හැම එකටම හරිම ආස කෙනෙක් (එකම අකමැති වැඩේ පොත් විකුණුමට සම්බන්ධ ගිණුම් තබා ගැනීම!). ඒ නිසා මේ පොත් ටික එළියට දා ගන්න බැරුව ගොඩ ගහල තියන විදිය දැක්වෙන පින්තූරයක් බූපති එව්වම දුකක් ඇති වුනා.
Ahasa පොතක් |
ඉක්මනට මේ නුපුරුදු ප්‍රශ්න ඉවර වෙලා 'දැකල පුරුදු කෙනෙක්' කියවන්නට හැකියාව ලැබේවා!
Anupa Premarathne (Bava) ඔහු විසින් ෆේස්බුක් සමාජ ජාලයට ලියු අදහසක් උපුටා ගැනින.
Comments