යාල ජාතික වනෝද්‍යානයේ පරිසර විනාසයක්

 යාල ජාතික වනෝද්‍යානයට අයත් බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය අවට මේ දින වල විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතී.




එම මාර්ගයේ ගමන් කරන සංචාරකයින් මෙන්ම විවිධ ප්‍රෙදේශවලින් මාර්ගය අවට වනාත්තරයට කසල ගෙනැවිත් දැමීම නිසා මෙම තත්වය උදා වී තිබේ

පොලිතීන්, විදූරු බෝතල්, මාලු මස් අපද්‍රවය සහ සායනික අපද්‍රව මෙලෙස මාර්ගය අවට පරිසරයට මුදා හැර ඇත.

යාල ජාතික වනෝද්‍යානයේ ජීවත් වන වනසතුන් මෙම අපද්‍රවය ආහාරයට ගැනීම නිසා එම වනසතුන්ගේ ජීවත වලටද මෙය ඉමහත් තර්ජනයක් වී තිබේ.

අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන යාල ජාතික වනෝද්‍යානයේ මෙම කසල බැහැර කිරීම නවතා දැම්මට කඩිනමින් කටයුතු කිරීම බලධාරින් සතු වගකීමකි.







Comments

Popular posts from this blog

අද හඳුන්වාදෙන ගීතය 2020 ජූනි 04

පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීති වලට අනුව විවෘත කිරීම ?