පෑලියගොඩ මාළු වෙළද සංකීර්ණය සෞඛ්‍ය නීති රීති වලට අනුව විවෘත කිරීම ?
පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ සාකච්ඡාවක් පසුගිය දා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමඟ පැවැත්විණි ධීවර අමාත්‍යාංශයේ නිළධාරීන් සහ ධීවර අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව පිහිටුවා ඇති පෑලියගොඩ වෙළද සංකීර්ණයේ කොවිඩ් මර්ධන විශේෂඥ කමිටු සාමාජිකයින් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංගමයේ නිළධාරින් සමඟ අන්තර්ජාල හරහා කරන ලද සාකච්ඡාවක දී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය විශේසඥ කමිටුවේ නිර්දේශය මත විවෘත කිරීම සදහා අවධානය යොමු කරන්නැයි අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙහිදී අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ කමිටුව පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට කොවිඩ් වසංගතය පැතිරීමට නිශ්චිත කරුණක් හරියට නොදන්නා බවත් නමුත් තම කමිටුව විසින් කරන ලද විමර්ශනයට අනුව දැනගන්නට ලැබුණු කරුණුව 08ක් ඉදිරිපත් කළ හැකි බවද විශේෂඥ කමිටුවේ වෛද්‍ය මනෝජ් පීරිස් මහතා විසින් ප්‍රකාශ කරන ලදි. ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු 08 පිළිබදව වෙළද සංගමයේ නියෝජිතයන් හා අමාත්‍යව