Posts

සන්දිල් ඇඳීමට දැඩි ඇල්මක් දක්වන ලැප්ටොප් චිත්‍ර

Image
සන්දිල් වයස අවු 11 යි,මට නිතර කරදර කරමින් මගේ ලැප්ටොප් එක නතුකරගෙන චිත්‍ර ඇඳීමට දැඩි ඇල්මක් දක්වන ඔහුගේ මෙම චිත්‍රය සම්පූර්ණයෙන් නිම කොට නැති අයුරු දැකීමත් සමඟ ,එය සම්පූර්ණ කරන ලෙස මා විසින් කල පෙරැත්තට ප්‍රතිචාරයක් ලෙස ඔහු විසින් එය සංශිප්ත සිතුවමක් ලෙස නිමා කිරීම              මේ වීඩියෝවේ ප්‍රතිචාර පිළිබඳ නිතර අසන නිසා මෙම පුද්ගලික බ්ලොගයේ එය නැවත පලකරන්නට තීරණයකලා,  ඔබ තවමත් එම වීඩියෝව නැරඹුවේ නැත්නම් එය නරඹා චැනල් සබ්ස්ක්‍රයිබ් බට්න් එක ක්ලික් කරන්න . . .  ~~~ සබා ~~~
Image
'දැකල පුරුදු කෙනෙක්' ගැන බූපති ගේ තිර රචනය සහ ඒ ගැන ලියවුනු විවිධ අදහස් දැක්වීම් එකතුවක් පොතක් ලෙස එළි දක්වන්න තිබුනේ මාර්තු 18. අනෙක් හැම දෙයක් වගේම මේකත් දින නියමයක් නැතිව කල් ගිහින්. මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්නත් එක්ක බලද්දී පොත් එළි දැක්වීමේ උත්සව කියන්නේ එච්චර දෙයක් නෙමෙයි කියන එක ඇත්ත. ඒ වුනත් පොතක් මුද්‍රණය කර එළි දැක්වීමේ ආශාව මම හොඳට දන්නවා. මම පොත් කියවන්න සහ ලියන්න විතරක් නෙමෙයි පොත් වල පිටු සැලසුම්කරණය, කවර නිර්මාණය, මුද්‍රණය, පොත ගන්න අය එක්ක කතා බහ කිරීම, පොත් බෙදා හැරීම - මේ හැම එකටම හරිම ආස කෙනෙක් (එකම අකමැති වැඩේ පොත් විකුණුමට සම්බන්ධ ගිණුම් තබා ගැනීම!). ඒ නිසා මේ පොත් ටික එළියට දා ගන්න බැරුව ගොඩ ගහල තියන විදිය දැක්වෙන පින්තූරයක් බූපති එව්වම දුකක් ඇති වුනා. Ahasa පොතක් ඉක්මනට මේ නුපුරුදු ප්‍රශ්න ඉවර වෙලා 'දැකල පුරුදු කෙනෙක්' කියවන්නට හැකියාව ලැබේවා! Anupa Premarathne (Bava) ඔහු විසින් ෆේස්බුක් සමාජ ජාලයට ලියු අදහසක් උපුටා ගැනින.
Image
කොරෝනා හෙවත් කොවිඩ් 19 යේ ව්‍යාප්තිය නිසා නිවසට වී රැදී සිටින ඔබට  මාගේ යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකි වීඩියෝ කීපයක් ගැන කියන්න  මේ සූදානම් වෙන්නේ .   මේ විඩියෝව සම්පූර්ණයෙන් බලලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න                                                                                                                                                                   ස්තූතියි ,                                                                            ඔබට සදා ජය,                                                                             ~~~ සබා ~~~