Posts
Showing posts from 2022
ආජන්ටිනා නායක මෙසීගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි එකවරම සිදුවූ වෙනස
- Get link
- X
- Other Apps
ආජන්ටිනා නායක මෙසීගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි එකවරම සිදුවූ වෙනස ලෝක ශූර ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියෝනල් මෙසී ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි පරිශීලකයන් මිලියන 400 ඉක්මවා ඇත. එය මිලියන 401ක් ලෙස මේ වන විට සටහන් වන අතර එය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී දෙදෙනාම සිටින වෙළඳ දැන්වීමකටත් වඩා වැඩි සංඛ්‍යාවක් අභිබවමින් වේ. පාපන්දු ලෝක කුසලානය ඇතැතිව මෙසී ඊට ඇතුළත් කර තිබූ ඡායාරූපයට පමණක් මිලියන 53 ඉක්ම වූ පරිශිලකයන් පිරිසක් කැමැත්ත පළකර තිබිණ.
වාස / සේවා / සීපීසී ඇතුලුව නව වීසා කාණ්ඩ තුනක් - ශ්‍රී ලංකාවේ
- Get link
- X
- Other Apps
වාස / සේවා / සීපීසී ඇතුලුව නව වීසා කාණ්ඩ තුනක් - ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා නව වීසා වර්ගයක් හඳුන්වා දී තිබෙනවා. කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අනුමත වීසා කාණ්ඩ පහතින්... ✅ වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා "ආයෝජක වීසා" කාණ්ඩය ✅ සේවා නියුක්තිකයින් වෙනුවෙන් "සේවා නියුක්ත වීසා" කාණ්ඩය ✅ කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා "සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු" වීසා කාණ්ඩය #newssabalk
යාල ජාතික වනෝද්‍යානයේ පරිසර විනාසයක්
- Get link
- X
- Other Apps
යාල ජාතික වනෝද්‍යානයට අයත් බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය අවට මේ දින වල විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතී. එම මාර්ගයේ ගමන් කරන සංචාරකයින් මෙන්ම විවිධ ප්‍රෙදේශවලින් මාර්ගය අවට වනාත්තරයට කසල ගෙනැවිත් දැමීම නිසා මෙම තත්වය උදා වී තිබේ පොලිතීන්, විදූරු බෝතල්, මාලු මස් අපද්‍රවය සහ සායනික අපද්‍රව මෙලෙස මාර්ගය අවට පරිසරයට මුදා හැර ඇත. යාල ජාතික වනෝද්‍යානයේ ජීවත් වන වනසතුන් මෙම අපද්‍රවය ආහාරයට ගැනීම නිසා එම වනසතුන්ගේ ජීවත වලටද මෙය ඉමහත් තර්ජනයක් වී තිබේ. අතිශය සංවේදී පරිසර පද්ධතියක් වන යාල ජාතික වනෝද්‍යානයේ මෙම කසල බැහැර කිරීම නවතා දැම්මට කඩිනමින් කටයුතු කිරීම බලධාරින් සතු වගකීමකි.
“2022 දී ලංකාව බංකොලොත්” ?
- Get link
- X
- Other Apps
මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන සිරස යටතේ පසුගිය ජනවාරි 02 දා පළ කර ඇති මෙම ලිපිය තුළ ඔවුන් මෙම තත්ත්වය පිළිබඳව විග්‍රහයක් සහ විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත. එහිදී එම වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ උද්ධමනය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ යාම නිසා ආහාර මිල විශාල වශයෙන් ඉහළට යෑම, රාජ්‍ය ආදායම පහළට ගමන් කිරීම අසීමිතව මුදල් අච්චු ගැසීම වැනි තත්ත්වයන් නිසා 2022 දී රට බංකොලොත් විය හැකි බවය. ලෝක බැංකුව ඇස්තමේන්තු උපුටා දක්වමින් එහි සඳහන් කරන්නේ වසංගත තත්ත්වය ආරම්භයේ සිට ලක්ෂ 5ක පමණ ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බවය. ශ්‍රී ලංකාවට ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම සඳහා සහ දේශීය හා විදේශීය ණය ඩොලර් බිලියන 7.3 ක් ආපසු ගෙවීම සඳහා මුදල් අවශ්‍ය වනු ඇති බවත් එහෙත් මේ වනවිට පවතින විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 1.6 ක් පමණක් බව එහි සඳහන්. මෙවැනි තත්ත්වයක් තුළ රට බංකොළොත් වීමේ